ThePapare පාපන්දු ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (23) සහ අනිද්දා (24) යන දිනවලදී සුගතදාස ක්රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ මූලික වටයට කණ්ඩායම් 20ක් සහබාගි වුයේ කාණ්ඩ 4ක් යටතේය. පළමු වටය අවසනදී සෑම කාණ්ඩයකම පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 8ක් අර්ධ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ඇත.
අර්ධ අවසන් පුර්ව වටයේ තරග පැවැත්වෙන්නේ මෙසේය.
පළමු තරගය
සාන්ත පීතර විදුහල සහ සාන්ත ජෝසප් විදුහල අතර
දෙවැනි තරගය
මරදාන සහිරා විදුහල සහ යාපනය සාන්ත පැට්රික් විදුහල අතර
තෙවැනි තරගය
මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල සහ යාපනය මහජන විදුහල
සිව්වන තරගය
ගම්පොළ සහිරා විදුහල සහ කොළඹ හමීඩ් අල් හුසේනී විදුහල අතර