T20 ලෝක කුසලානයට සෘජු වරම් ශ්‍රී ලංකාවට අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2020 වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සහභාගිවීමට තිබු අවස්තාව අහිමිවී ඇති බව ඊයේ (01) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් මගින් සඳහන් කර සිටියේය.

එම තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් සහභාගිවිමට නියමිත අතර 2018 දෙසැම්බර්ව 31 වනවිට අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම්හි මුල් ස්ථාන 8 සිටින කණ්ඩායම් 8ට සෘජුවම අවස්තාව හිමිවන අතර, සුපිරි 12 සඳහා ඉතිරි කණ්ඩායම් 4 තෝරාගනු ලබන්නේ තෝරාගැනීමේ තරග වටයකින් අනතුරුව එහි මුල් ස්ථාන ලබාගන්නා කණ්ඩායම් හතරෙනි. ඒ අනුව දැනට ශ්‍රේනිගතකිරීම්හි ශ්‍රී ලංකාවට පහලින් සිටින බංගලාදේශයට පවා එම සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රීඩාකර ලෝක කුසලානයට අවස්තාව හිමිකරගැනීමට සිදුව ඇත. ඒ සඳහා ස්කොට්ලන්තය, සිම්බාබ්වේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකො, අයර්ලන්තය සහ ඕමානය යන රටවල් සමඟ තරග කිරීමට සිදුවනු ඇත.

ලෝක කුසලාන අවසන් මහා තරග 3කට ක්‍රීඩා කර 2014 වසරේ ලෝක ශුරයන් වූ ශ්‍රී ලංකාවට එම අවස්තාව අහිමිවෙද්දී ඇෆ්ගනිස්තානයට එම අවස්තාව හිමිවීම ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රීඩා රටාව පිළිබඳ අවාසනාවන්ත ඉගියක් බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙයි.

කෙසේවෙතත් 2019 වසරේ ඔක්තෝබර් 18 සිට දෙසැම්බර් 15 දක්වා පැවැත්වීමට නියමිත එම සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය ජයග්‍රහණය කර ලෝක කුසලානයට පිවිසීමේ අවස්තාව සිය රටවල් වලට ඇති බව ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සහ බංග්ලාදේශ නායක ෂකිබ් අල හසන් මේ පිළිබඳව මාධ්‍ය වෙත පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here