T20 නායකත්වය යළි මැතිව්ස්ට..

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළව පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට පවරා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද (28) සඳහන් කළේය.

මීට පෙර එහි නායකත්වය දසුන් ශානකට පවරා තිබුනද, වීසා ගැටලුවක් හේතුවෙන් ඔහුට මෙතෙක් බටහිර ඉන්දීය කොදෙව් දේශයට යෑමට හැකිවී නැත.

අදාළ ගැටලුව ඉක්මමනින් විසදාගෙන දසුන් එරටට ගියද එම තරගාවලියේ මුල් තරගය හෝ දෙක ඔහුට අහිමි වන්නෙ එරට පවතින නිරෝෂායන නීතිය හේතුවෙනි.

එනම්, එරටට ගිය පසු ඔහු දින තුනක අනිවාර්ය නිරෝධායනයකට යටත් විය යුතුය. එමනිසා හිටපු නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස්ට වැඩබලන නායකත්වය ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here