T10 ශුරතාවය පක්ටූන්ස් දිනා ගනී

T10 පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනාගැනීමට Pakhtoons කණ්ඩායම සමත්වූයේ Northern Warriors කණ්ඩායමට එරෙහිව අවසන් මහා තරගයේදී ලකුණු 22ක ජයක් ලබාගනිමිනි. අවසන් මහා තරගය සාජා ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් 02 වැනිදා පැවැත්විණි.

කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් දින 11ක් පුරා පැවති මෙම තරගාවලියේ අවසන් තරගයේදී කාසියේ වාසිය දිනූ Pakhtoons නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Northern Warriors කණ්ඩායම තම පන්දුවාර 10 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 140ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු ලෙසින් Pakhtoons කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 118ක් පමණි.

අවසන් තරගයේ වීරයා වූයේ රොව්මන් පවෙල් ය. තරගාවලියේ වීරයා ලෙසින් නම් කෙරුණේ දකුණු අප්‍රිකාවේ හාර්ඩස් විල්ජන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here