SLT Speedup පාපැදි සවාරිය අද ඇරඹේ

ශ‍්‍රී ලංකාවේ දැවැන්තම පාපැදි ඉසව්ව බවට පත්වන SLT Speedup පාපැදි සවාරිය අඛණ්ඩ සිව්වැනි වසරටත් අද (24 වැනිදා) ආරම්භ වේ. ඒ අනුව තරගාවලියේ ප්‍රදාන තරග ඉසවුව වන අදියර 5කින් සමන්විත පිරිමි පාපැදි සවාරියේදී පළාත් 9ම ආවරණය වන පරිදි මෙවර ගමන් මග යෙදී තිබෙන අතර එහිදී නුවරඑළිය හරහා මෙවැනි පාපැදි සවාරියක් ගමන් කරනුයේ වසර 20කට පසුව වීමද සුවිශේෂී වේ.

කොළඹින් ආරම්භ වී පානදුර, රත්නපුරය හරහා ඇඹිලිපිටිය දක්වා පළමු අදියරත්, ඇඹිලිපිටියේ සිට වැල්ලවාය හරහා බණ්ඩාරවෙල දක්වා දෙවැනි අදියරත්, අනතුරුව නුවරඑළිය, මහනුවර හරහා කුරුණෑගල දක්වා තෙවැනි අදියරත් යෙදී තිබේ. තරගයේ සිව්වැනි අදියර කොටස් දෙකකින් යුක්තව පැවැත්වෙන අතර එහිදී කුරුණෑගල, අනුරාධපුරය සිට වව්නියාව දක්වා එහි පළමු අර්ධයත්, වවුනියාවේ සිට ත‍්‍රීකුණාමලය දක්වා එහි දෙවැනි අර්ධයත් පැවැත්වීමට නියමිත අතර සවාරියේ 5 වැනි අදියර හෙවත් 5 වැනි දිනය ත‍්‍රීකුණාමලයේ සිට දඹුල්ල දක්වා ධාවනය වන පිරිමි පාපැදි තරගය මෙවර කිලෝමීටර 813ක ගමන් මගක් ඔස්සේ වැටී තිබේ.

අදියර දෙකකින් යුක්තව පැවැත්වෙන කාන්තා පාපැදි සවාරියේ පළමු අදියර කොළඹ සිට කුරුණෑගල දක්වාද එහි දෙවැනි දිනය හෙවත් දෙවැනි අදියර කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර 161ක සමස්ත දුරකින් යුක්ත වේ.

16-19 අතර ක‍්‍රීඩකයන්ට අවස්ථාව හිමිවන හඳුන්වාදෙන SLT Speedup කනිෂ්ඨ තරගාවලිය, දඹුල්ලෙන් අරබා කැකිරාව හරහා යළි දඹුල්ල දක්වා පැමිණෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here