SILK අන්තර්ජාතික ක්‍රීඩා සිනමා උළෙල කොළඹදී

ක්‍රීඩා සිනමා සාහිත්‍යයක් ගොඩනැංවීමේ අරමුණෙන් මෙරටදී පළමු වරට පවත්වනු ලබන SILK අන්තර්ජාතික ක්‍රීඩා සිනමා උළෙල පෙබරවාරි 26, 27 සහ 28 දිනවලදී ජාතික චිත්‍රපවි සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ප්‍රම්‍රඛතම ක්‍රීඩා ප්‍රවර්ධන ජාලයක් වන SPORTSINFO ආයතනය හා ජාතික ක්‍රීඩා සංවර්දන පදනම එක්ව මෙය සංවිධානය කරනු ලැබේ.

විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා සහ 1996 ක්‍රිකට් ලේාක ක්‍රසලානය දිනු කණ්ඩායමේ නායක ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග මහතා යන අය පිළිවෙලින් එම දින තුනේදී ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සහභාගී වීමට නියමිතය.

ක්‍රීඩාව පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන සියලුම පිරිස් එකම වේදීකාවකට රැගෙන ඒමත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අධ්‍යාපන මාධ්‍යයක් ලෙස ක්‍රීඩා සිනමාව හඳුන්වාදීමත් මෙහි අරමුණයි.

අද වනවිට දියුණු ක්‍රීඩා සාහිත්‍යයක් හිමි ඇමරිකා එක්සත් ජනපදය මහා බ්‍රිතාන්‍යය ඕස්ට්‍රේලියාවල ජපානය චීනය හා දකුණු කොරියාව වැනි ආසියාතික රටවල් වලද ක්‍රීඩා අධ්‍යාපනයේ ප්‍රගමනය සඳහා සිනමාව ක්‍රීඩා සාහිතයයක් ලෙස උපරිම වශයෙන් දායක කරගෙන ඇත.

එළැඹෙන වසරේ සිට මෙම සිල්ක් ක්‍රීඩා සිනමා උළෙලට සමගාමීව අන්තර්ජාතික ක්‍රීඩා  සිනමා  උළෙලක්ද පැවැත්වෙන අතර ඒ සඳහා ලෝකයේ සෑම රටක්ම සහභාගී කරගනිමින් හොඳම වාර්තා චිත්‍රපටිය හොඳම කෙටි චිත්‍රපටිය හොඳම අධ්‍යක්ෂණය හොඳම සංස්කරණය ආදී ක්ෂෙත්‍රයන් ගණනාවක් ආවරණය කරමින් සිනමා සම්මාන උළෙලක් පැවැත්වීමට අපේක්ෂා කරන බව SPORTSINFO ආයතනය පවසයි.

මෙවර ක්‍රීඩා සිනමා උළෙලට සමගාමීව ක්‍රීඩා සිනමා කතිකාවක් පැවැත්වීමට කටයුතු සංවිධනය කර ඇති අතර එහි මුලසුන Federation Interanationale Cinema Television Sportifs (FICTS) ජාත්‍යයන්තර  සිනමා සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත බාහිර කථිකාචාර්ය හර්ෂ බී. අබේකොන් මහතා විසින් හොබවන අතර එහි විද්වත් මණ්ඩලය ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ අංශයේ ජේෂ්ඨ කථිතාචාර්ය ආචාර්ය සමන්තා නානායක්කාර ජාත්‍යයන්කර ඹලිම්පික් කමිටුවේ විධායක සාමාජික සහ කථිකාචාර්ය අචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා උත්තේජක මර්ධන මධ්‍යස්ථානයේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය සීවලි ජයවික්‍රම සහ සිනමා විචාරක දීප්ත බංඩාර යන විද්වතුන් සහභාගීවීමට නියමිතය.

මෙම ක්‍රීඩා සිනමා උළෙලේදී ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන ශ්‍රී ලංකා ටෙලිකොම්  PEO TV ආයතනය විසින් එහි නිල වෙබ් අඩවිය ලෙස www.helawoodpopcorn.lk වෙබ් අඩවිය කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here