Road Safty තරගාවලියට යන අවසන් ශ්‍රී ලංකා කණ්ඩාම මෙන්න

ඉන්දියාවෙදී පැවැත්වීමට නියමිත Road Safty ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායමට අවසන් මොහොතේදී උපුල් තරංග ද සිය සහභාගීත්වය තහවුරු කර ඇත. ඒ ඔහු පසුගිය සතියේදී අන්තර්ජාතික ක්‍රිකට් වලින් සමුගැනීමෙන් අනතුරුවය.

මෙහිදී කණ්ඩායම් නායකත්වය හිමිව ඇත්තෙ හිටපු නායකයකු වූ තිලකරත්න දිල්ශාන්ටය. 96 ලෝක ශුරතාව දිනු කණ්ඩායමේ සමාජික සනත් ජයසූරියද මෙවර ඊට සහභාගී වේ.

අදාළ තරගාවලිය මාර්තු 2වැනිදා ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය පැවැත්වෙන්නෙ මාර්තු 4 වැනිදාය.

  • තිලකරත්න දිල්ශාන් (නායක)
  • සනත් ජයසූරිය
  • උපුල් තරංග
  • චාමර සිල්වා
  • චාමර කපුගෙදර
  • රසල් ආනර්ල්ඩ්
  • ෆර්වේස් මහරෑෆ්
  • රංගන හේරත්
  • නුවන් කුලසේකර
  • ධම්මික ප්‍රසාද්
  • අජන්ත මෙන්ඩිස්
  • තිලන් තුෂාර
  • මලින්ද වර්ණපුර
  • චින්තක ජයසිංහ
  • දුලංජන විජේසිංහ

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here