LPL කුසලානය යාපනයට

පළමු වරට පැවැති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනාගැනිමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්විය.

ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයෙන් ජැෆ්නා කණ්ඩායම ලකුණු 53ක ජයක් ලබාගනිමිනි.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්සුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6ක් බිඳවැටී ලකුණු 188ක් ලබාගත්තේය.

එහිදී ෂොයිබ් මලික් ලකුණු 46ක් ලබාගත්තේය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා පන්දු 14කින් වේගවත් ලකුණු 39ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ගාල්ල කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් ලකුණු 36කට කඩුලු 3ක් බිඳහෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල වයිකින්ග් කංඩායමට පන්දුවාර 20 අවසනදී කඩුලු 9ක් බිඳවැටී ලබාගතහැකි වූයේ ලකුණු 135ක් පමණි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක භානුක රාජපක්ෂ පන්දු 17කින් වේගවත් ලකුණු 40 ලබාගත්තේ පන්දු රැකිමේදී ඇතිවු ආබාධයක් ද තිබියදීය.

ෂොයිබ් මලික් හා උස්මාන් ෂිවාරී අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here