IPL එක හයේ පහරක්වත් එල්ල කිරීමට නොහැකිව ඇබරෙන සුපිරි පිතිකරුවෝ මෙන්න..

IPL ක්‍රිකට් තරගාවලිය මේ වනවිට ඩුබායිහීදි පැවැත්වෙනවා. ලොව සිටින දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියට එකතුඋනා.

20යි20 තරගවල නිතරම සුපුරු දක්ෂතා පෙන්නුම් කරන පිතිකරුවන් තිදෙනෙකුට මෙවර සිය සුපුරුදු දස්කම් පෙන්නුම් කිරීමට මේ වනවිට නොහැකිවී තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන්දමට ක්‍රිකට් පිටිය තුළ ප්‍රවේගකාරි පිතිකරුවන් වන බෙන් ස්ටෝක්, ග්ලෙන් මැක්ස්වෙල් සහ කිඩාර් ජාදෙව් යන ක්‍රීඩකයින් හට මෙවර කිසිදු හයේ පහරක් එල්ල කිරීමට නොහැකිව ඇති බවයි.

රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන බෙන්ස් පන්දු 103 කට මුහුණදී ඇති අතර එහිදී ඔහුට හයේ පහරක් එල්ල කිරීමට හැකියාව ලැබ නැහැ.

කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය ග්ලේන් මැක්ස්වේල් ද කිසිදු හය පහරක් එල්ල කර නොමැති අතර ඒ වෙනුවෙන් ඔහු මුහුණදී ඇති පන්දු සංඛ්‍යාව 100.

මෙවර තරගාවලිය තුළ ප්‍රේක්ෂකයින්ගේ දැඩි විවේචනවලට ලක්වූ චෙන්නායි කණ්ඩායමේ කීඩාර් ජදෙව් ද පන්දු 66කට මුහුණ දී ඇති අතර ඔහුටද කිසිදු හය පහරක් එල්ල කිරීමට හැකිව නැහැ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here