IPLවල අලුත් වෙනසක්

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලිග් (අයි.පී.එල්.) තරගාවලියේදී නව රූපවාහිනී විනිසුරුවරයෙක් යොදාගැනීමට තරග සංවිධායක කමිටුව තීරණය කර තිබේ.
එම නව රූපවාහිනී විනිසුරුවරයාට පැවරෙන රාජකාරිය නම් පන්දු යවන්නන් විසින් නිපන්දු යවන්නේදැයි පරික්ෂා කිරීම සහ එසේ යැවුවහොත් සැනෙකින් පිටියේ විනිසුරු දැනුවත් කිරීමත්ය.

දැනට විනිසුරුවරුන් 4ක් දෙනෙක් සමගින් පැවැත්වෙන අයි.පී.එල්. තරග සඳහා මෙම තීරණය ගෙන ඇත්තේ තරගාවලියේදී ක්‍රීඩකයන් නිපන්දු සම්බන්ධයෙන් විනිසුරුවරුන් හා ගැටුම් ඇතිකරගැනීමේ තත්ත්වයක් පැවති නිසා සහ විනිසුරුවරයන් විසින් වැරදි තීරණ ලබාදීම නිසාත්ය.

මීට පෙර මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේත් අවධානය යොමු වී තිබුණු අතර 2016දී එය අතහද බලා තිබේ. එය සාර්ථක වී තිබුණු බැවින් එක්දින හා T20 තරග සඳහා ද මෙම ක්‍රමය ඉදිරියේදී භාවිත කිරීමට සැලසුම් කරන බව ඔවුන් මින් පෙර දැක්වූ නිවේදනයක සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here