ICC අවවාදය පිළිගෙන දෝනි අත්ආවරණ වෙනස් කරගනී

ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක මහෙන්ද්‍ර සිං දෝනිගේ අත් ආවරණ වල තිබූ කිරිච්චියකට සමාන ලකුණ ඉවත්කරගෙන ICC තීරණ අනුව කටයුතු කර තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වූ පළමු තරගයේදී දෝනි මෙම සලකුණ සහිත අත් ආවරණ පැළඳ ක්‍රීඩා කළේය.

එහෙත් එමගින් ICC අචාර ධර්ම පද්ධතියේ වගන්ති දෙකක් මෙමගින් උල්ලංඝණය වී ඇති බව ICCය මගින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඊ මේල් පණ්වුඩයක් මගින් දන්වා ඇත. ඒ අනුව ඕස්ට්‍රේලියාව සමග පැවති තරගයේදී දෝනි එය ඉවත්කරගෙන තිබුණි.

ඉන්දීයාව හා පාකිස්තානය අතර ඇති යුධ ගැටුම් හේතුවෙන් දෝනි මෙලෙස සිදුකරන්නට ඇති බව බෝහෝදෙනෙකගේ අදහස වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here