ICCය දිමුත්ට දඩ ගහයි, මීළඟ වරදට තරග තහනමක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාලව ජූලි 01 වැනිදා ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර පැවති තරගයේදී නියමිත වේලවට පන්දුවාර 50 යැවිමට අපොහොසත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර්ට දඩ නියම කර තිබේ. ඒ ඔවුනට හිමි තරග ගාස්තුවෙන් 40% මුදලක් දඩ වශයෙන් ගෙවීමට නියම කරමිනි.

කණ්ඩායමකට පන්දුවාර 50 යැවීමට ලබාදී ඇති කාලය තුළ කණ්ඩායම් දෙකම යවා ඇත්තේ පන්දුවාර 48කි. ඒ අනුව පන්දුවාර දෙක බැගින් යැවීමට නායකයන් දෙදෙනාම අතිරේක කාලයක් ලබාගෙන ඇත.

මෙම වරදම ඉදිරි මාස 12 ඇතුළත යළිත් සිදුකළහොත් ඔවුන් දෙදෙනාටම එක් තරගය බැගින් තහනම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here