ICCයේ පූර්ණ බලතල යළිත් ශ්‍රී ලංකාවට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ බලතල ශ්‍රී ලංකාව වෙත යළිත් පෙර තිබූ තත්වයෙන්ම ලබාදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය එකඟතාවය ලබාදී ඇත. ඒ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානයේ දින 6ක් පුරා පැවතී විශේෂ රැස්වීමක් අතරතුරදීය. එම රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ද සහභාගී විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය නියමිත කාලයේ දී පැවැත්වීමට නොහැකිවීම නිසාවෙන් මාස 6ක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ පුර්ණ සාමාජිකත්ව බලතල අහෝසි කර තිබූ අතර එම කාලය තුළ ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම්වලට සහභාගී වීමට අවස්ථාව හිමිවූයේ නිරීක්ෂණ මට්ටමින් පමණි.

මෙම විශේෂ රැස්වීමේදී ශ්‍රී ලංකාව පිළිබඳව ද විශේෂ අවධානය යොමුව ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරනය පවත්වා අවසන් බැවින් පෙර පරිදි යළිත් පූර්ණ බලතල ශ්‍රී ලංකාවට හිමිවනු ඇත. එමෙන්ම ඉදිරියේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් මූල්‍යාධාර ද ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත හිමිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here