ICCයෙන් සිම්බාබ්වේහි ක්‍රිකට් තහනම් කරයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිම්බාබ්වේහි ක්‍රිකට් තහනම් කිරීමට පියවර ගෙන ඇත.

එම කවුන්සිලය මෙම තීරණය ගෙන ඇත්තේ සිම්බාබ්වේ දේශයේ ක්‍රිකට් නිලවරණය රජයේ මැදිහත්වීමකින් තොරව විනිදභාවයකින් පැවැත්වූ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හමුවේ ඔප්පුකිරීමට නොහැකිවීම නිසාවෙනි.

අතීතයේ ෆ්ලවර් සොහොයුරන් වැනි අති දක්ෂයන් ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කළ සිම්බාබ්වේ ක්‍රිකට් අධිරාජ්‍යයට අද අත්ව ඇති ඉරණම ඉතා ශෝචනීයය.

මේ අනුව ඉදිරියේදී ICCය මගින් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා කිසිඳු ආධාර මුදලක් සිම්බාබ්වේට ලබා නොදෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here