ICCයෙන් රුපියල් කෝටී 200ක් ශ්‍රී ලංකාවට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ගෙවීමට තබූ ඇ. ඩොලර් 11.5ක් හෙවත් රුපියල් බිලියන දෙකක මුදලක් ලබාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් නව පරිපාලනය ICCය සමග සිදුකළ සාකාච්ඡාවක ප්‍රතිඵල වශයෙනි.

2018 වසරේ ජූලි මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මෙම මුදල ලැබීමට නියමිතව තිබුණි. පසුගිය සමයේ නියමිත කාල සීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය නොපැවැත්වීම නිසා ශ්‍රී ලංකාවට ICCහි පූර්ණ බලතල තාවකාලකව අත්හිටුවා තිබුණි.

එහෙත් පසුගියදා පැවත ICC විශේෂ රැස්වීමකින් අනතුරුව ශ්‍රී ලංකාවට ICCහි පූර්ණ බලතල හිමිවූ අතර, ඉන් අනතුරුව එම කාලය තුළ අත්හිටුවා තිබූ එම මුදල් ප්‍රමාණය යළි මෙලෙස ලබාගැනීමට හැකිවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here