CH&FC විසින් ප්‍රබල මහනුවර පරාජය කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තරගයක් වශයෙන් පැවති මහනුවර හා CH&FC ක්‍රීඩා සමාජ අතර පැවති තරගයෙන් ලකුණු 33-17ක් ලෙස ජයග්‍රහණය කිරීමට CH&FC ක්‍රීඩා සමාජයට හැකිවිය.

එහෙත් තවමත් ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ලකුණු 61ක් ලබා‌ගෙන සිටින මහනුවර කණ්ඩායමයි. CH&FC ක්‍රීඩා සමාජයට මේ වනවිට හිමිව ඇත්තේ එහි තෙවැනි ස්ථානයයි.මෙම තරගාවලියේ පළමු වටයේ මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගය ජයගැනීමට මහනුවර කණ්ඩායම සමත් වූයේ ලකුණු 38-22ක් ලෙසිනි.

තරගයේ පළමු අර්ධය අවසන් වූයේ CH&FC ක්‍රීඩා සමාජය 16 (2T, 2P)ක් හා මහනුවර ක්‍රීඩා සමාජය 07 (1T)ක් වශ‌යෙනි. තරගය අවසනදී ලකුණු තත්වය සටහන් වූයේ CH&FC ක්‍රීඩා සමාජය 33 (4T, 2C, 3P)ක් හා මහනුවර ක්‍රීඩා සමාජය 17 (2T, 1P)ක් වශයෙන් CH&FC ක්‍රීඩා සමාජයට තරගාවලියේ ඔවුන් ලද 8වැනි ජය හිමිකර දෙමිනි. මෙය මහනුවර ක්‍රීඩා සමාජය මෙම තරගාවලියේ දී ලැබූ 2වන පරාජයයි.

ඡායා – (ද පපරේ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here