Peoples' Bank

පන්දුව පළුදු කරන්න කිවේ වෝනර් – කැමරන් බැන්ක්‍රොෆ්ට්

ඔස්ටේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය අතරතුරදී තමා විසින් පන්දුව පළුදු කළේ කණ්ඩායමේ උපනායක ඩේවිඩ් වොනර්ගේ ඉල්ලීමක් මත බව එම චෝදනාවට වරදකරුවෙක් බවට පත්වූ කැමරන් බැන්ක්‍රොෆ්ට් තමාගේ තරග තහනම ඉවත්වීමෙන් අනතුරුව පැවතී මාධ්‍ය හමුවකදී පැවසිය.

පන්දු රැකීමේ විශේෂඥයෙක් නවසීලන්තයේදී ශ්‍රී ලංකාවට එකතු වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව් රික්සන් මහතාව පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේය. ඒ මහතා එම තනතුරේ පළමු වරට කටයුතු කරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසිලන්ත සංචාරය අතරතුරදී දෙසැම්බර් 24 වැනිදාය.

ජානක බෝගොල්ලාගම අනුස්මරණ ටෙනිස් තරගාවලිය කුරුණෑගලදී

ජානක බෝගොල්ලාගම අනුස්මරණ ටෙනිස් තරගාවලිය (Janaka Bogollagama Memorial Cool Tennis Tournament - 2018) දෙසැම්බර් 12 සිට 14 දක්වා කුරුණෑගල ටෙනිස් ක්‍රීඩා සමාජයේදී පැවැත්වේ.

T10 ශුරතාවය පක්ටූන්ස් දිනා ගනී

T10 පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනාගැනීමට Pakhtoons කණ්ඩායම සමත්වූයේ Northern Warriors කණ්ඩායමට එරෙහිව අවසන් මහා තරගයේදී ලකුණු 22ක ජයක් ලබාගනිමිනි. අවසන් මහා තරගය සාජා ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් 02 වැනිදා පැවැත්විණි.

එෆ්. ඒ. කුසලානය අඛණ්ඩව තෙවන වරටත් යුද හමුදාවට

එෆ්. ඒ. කුසලාන අවසන් මහා තරගයේදී සෝන්ඩර්ස් කණ්ඩායම ගෝල 4-2ක් වශයෙන් පරාජයට පත් කරමින් අඛණ්ඩව තෙවන වතාවටත් එම කුසලානය තමන් සතුකරගැනීමට යුද හමුදා කණ්ඩායම පසුගියදා (01) සමත්විය. තරගය සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

රග්බි නිලධාරීන් මාධ්‍යවේදීන්ව නොසලකා හැරලා

ඩයලොග් කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ තරග ආවරණය කිරීමට ක්‍රීඩාංගණයට ගිය මාධ්‍යවේදීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම ඇතැම් රග්බි නිලධාරීන් විසින් පැහැර හැර මාධ්‍යවේදීන් අපහසුවට ලක්කිරීමේ පුවතක් Sports Today වෙත වාර්තා විය.

ලූකා වසර 10ක රොනාල්ඩෝ-මෙසී Ballon d’Or ආධිපත්‍යය බිඳහෙළ​යි

2018 FIFA සම්මාන ප්‍රදානෝත්සවයේදි Ballon d'Or කුසලානය මෙව​ර Christiano Ronaldo සහ Lionel Messi පරදවමින් දිනාගැනීමට

දේශීය ක්‍රිකට් තරග වාරය ඇරඹේ

දේශීය ක්‍රිකට් තරග වාරය ආරම්භ කරමින් ප්‍රිමියර් ලීග් A කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය හෙට (30) ආරම්භ වේ. එම තරගාවලිය සති 7කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රීඩාංගණ 6ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

බාසිලෝනා B කාණ්ඩයේ පෙරමුණ​ට

Barcelona හා PSV Eindhoven ක්‍රීඩා සමාජය අතර Champions league තරඟාවලියේ අ​ද (29) පැවති තරඟයෙන්

Juve, ශූරයන්ගේ කුසලානයේ ඉදිරියට​ම

Juventus හා Valencia ක්‍රීඩා සමාජය අතර Serie A තරඟාවලියේ ඊයේ (28) පැවති තරඟයෙන්