Peoples' Bank

ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 21 දක්වා කල් යයි

පෙබරවාරි 07 වැනිදා පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 21 වැනිදා දක්වා කල් දමා ඇති බව වාර්තා වේ.

සිංහ කැන්ගරු පළමු ටෙස්ට් තරගය නියගයෙන් හානියට පත් ජනයා වෙනුවෙන් කැප කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය එරට පසුගිය දිනවලදී පැවති දැඩි නියගය හා අයහපත් කාලගුණය නිසා පිඩාවට පත් ජනයා වෙනුවෙන් කැපකිරීමට තීරණය කර ඇති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පලාක් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි

ශ්‍රී ලංකා යෞවනයන්ට ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් ජයක්

ඔස්ට්‍ර්ලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවති තෙදින ටෙස්ට් තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

BPL වල ඔට්ටු ඇල්ලු 5දෙනෙකුට වැඩ වරදී

මේ දිනවලදී බංග්ලාදේශයේදී පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලිය අතරතුරදී නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් සිදුකල බංග්ලාදේශ ජාතිකයන් පස් දෙනෙකුට බංග්ලාදේශ ටකා 4000 (රුපියල් 8700) බැගින් වූ දඩ මුදල් නියම කිරීමටත්, ඔවුන්ට යළිත් එම තරගාවලිය ඇතුලතදී එම ක්‍රීඩාංගණ තුළට ඇතුළු වීමට අවසර ලබනොදිමටත් බංග්ලාදේශ විශේෂ ජංගම අධිකරණය පසුගියදා කටයුතු කළේය.

තිසර හා නවසීලන්තය අතර අවසන් සටනේ ජයත් කිවියන්ට

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සංචාරය නිමා කරමින් පැවති එකම විස්සයි විස්ස තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 35ක පරාජයක් උරුම කරදෙමින් නවසීලන්ත පුර්ණ තරගාවලි ජයක් ලැබීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් රැසක්

නවසීලන්ත සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිතව ඇත්තේ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් වෙනුවෙනි. ඒ සඳහා නම්කර ඇති සංචිතය පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද අතර එහිදී වෙනස්කම් කිහිපයක්ම දැකගත හැකි විය.

ලංකාවට එරෙහි විස්සයි විස්ස සටනේදී කිවියන් නීෂම් වෙනුවට වෙනකෙකු කැඳවයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තකණ්ඩායම අතර ජනවාරි 11 වැනිදා පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගයේදී නවසීලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් නීෂම්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති බව වාර්තා වේ.

යෞවනයෝ කැන්ගරුවන්ට එරෙහිව එක්දින ජයක් ලබති

ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව කොළඹ පි. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවතී තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 64ක ජයක් ලැබීමට ඊයේ (07) සමත්විය.

තිසරගේ උත්සාහය අදත් අපතේ යයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 115ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමත් සමඟ තරග 3න් සමන්විත තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට නවසීලන්තය සමත් විය. තෙවැනි තරගය අද (08) නවසිලන්තයේ නෙල්සන් නුවරදී පැවැත්විණි.

කණ්ඩායම දැන් නිසි මගට යොමුවී තිබෙනවා – මහේල ජයවර්ධන

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසිලන්තය අතර පැවති එක්දින තරග දෙකේදී ක්‍රීඩකයන්ගේ පුද්ගලික දක්ෂතාවයන් සෑහෙන තරම් ඉදිරියට පැමිණ තිබු බවත්, ශ්‍රී ලංකාව ඍණත්මක දේවාල්වලට වඩා ධනාත්මක දේවල් එම තරග දෙකේදී ලබාගත් බවත් කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙබවූ මහේල ජයවර්ධන මහතා පවසයි.