මේ දිනවලදී බංග්ලාදේශයේදී පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලිය අතරතුරදී නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් සිදුකල බංග්ලාදේශ ජාතිකයන් පස් දෙනෙකුට බංග්ලාදේශ ටකා 4000 (රුපියල් 8700) බැගින් වූ දඩ මුදල් නියම කිරීමටත්, ඔවුන්ට යළිත් එම තරගාවලිය ඇතුලතදී එම ක්‍රීඩාංගණ තුළට ඇතුළු වීමට අවසර ලබනොදිමටත් බංග්ලාදේශ විශේෂ ජංගම අධිකරණය පසුගියදා කටයුතු කළේය.
ශරේ බංග්ලා ක්‍රීඩාංගණයේ පැවතී තරගයක් අතරතුරදී ජංගම දුරකථන භාවිතා කරමින් මෙලෙස ඔට්ටු ඇල්ලු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.
එම විශේෂ ජංගම අධිකරණය පිහිටුවා ඇත්තේ ඩකා. චිතගොන් හා ෂිලේට්හිදී සිදුවන නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් නතර කිරීමේ අරමුණින් යුතුවය. ඒ පසුගිය ජනවාරි මාසයේදී පවතී බංග්ලාදේශ අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී ගන්නා ලද හිරනයක් අනුව පිහිටුවන ලද්දකි.