96 ලෝක ශූරයන්ට අගමැතිගෙන් සැමරුම් ත්‍යාග

1996 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන්ට එම ජයෙන් වසර 25කට පසු අගමැති මහින්ද රාජපක්ෂ විසින් සැමරුම් පදක්කම් අද (17 වැනිදා) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී ලබාදුන්නේය.

ඒ එම ජයග්‍රහණයේ 25 වනි සැමරුම නිමිත්තෙන් පැවැති උත්සවයේදීය. පාකිස්තානයේ ලාහෝර නුවර පැවැති එම අවසන් තරග ජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමිවූ පදක්කම් මේ වනතුරු පැවැතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරයේය. මෙලෙස අගමැතිවරයා විසින් එම ක්‍රීඩකයන්ට ලබාදුන්නේ එම පදක්කම්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here