1996 පැවැති ක්රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයන් වසර 25කට පසු යළි එම ජය සැමරීම සඳහා ක්රිකට් පිටියට බැසීමට සූදානම් වේ.
ඒ අදාළ ජයග්රහණය සමරනු වස් යාපනය දිස්ත්රික් ක්රිකට් කණ්ඩායම සමග මාර්තු 26 සහ 28 යන දිනවලදී පැවැත්වීමට නියමිත ක්රිකට් තරගාවලියේදීය.
මේ සඳහා ලෝක ශුර කණ්ඩායම වෙනුවෙන් අර්ජුන, අරවින්ද, සනත්, රොමේෂ්, හෂාන්, අසංක, රොෂාන්, ධර්මසේන, වාස්, මුරලි, පුෂ්පකුමාර, උපුල් සහ මාවන් ක්රීඩා කිරීමට නියමිතය.
මේ අතර, යාපනය දිස්ත්රික් කණ්ඩායම වෙනුවෙන් එම කණ්ඩායමේ හිටපු ක්රිකට් ක්රීඩකයන් රැසක්සහභාගී වීමට ද නියමිතය.
– මව්බිම-