96යේ වීරයාට ICCයෙන් ක්‍රිකට් තහනමක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ එම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වූ සනත් ජයසූරිය මහතා හට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් වසර දෙකක ක්‍රිකට්තරග තහනමක් පනවා ඇත. ඒ අනුව එම කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කිසිම ක්‍රියාවක නිරතවීම ඔහුට තහනම් වනු ඇත.

    ICCය විසින් එයට හේතු වශයෙන් සඳහන් කර ඇත්තේ ICC දූෂණ මර්ධන ඒකකයේ පරීක්ෂණ සඳහා සනත් ජයසූරිය විසින් නිසි අයුරින් සහයෝගය ලබා නෙදෙුන් බවත්, ඒ සඳහා බාධා සිදුකළ බවත්ඒය. නිසාවෙන්ම ඔහු විසින් ICC දූෂණ විරෝධී පනතේ 2.4.6 සහ 2.4.7 යන වගන්ති උල්ලංඝණය කර ඇති බවද ICCය සඳහන් කරයි.

    කෙසේ වෙතත් මීට පිළිතුරු වශයෙන් ජයසූරිය මහතා සඳහන් කරනුයේ තමා ක්‍රීඩාවට සම්බන්ධ සෑම කරුණක දීම සෑමවිටම නීත්‍යානුකුලව හා පාරදෘශ්‍ය ලෙස කටයුතු කර තිබෙන බවත් ඉදිරියටත් එලෙසම කටයුතු කරන බවත්ය.

    මේ සම්බන්ධව ඔහු විසින් ඊයේ (27) නිකුත්කළ මාධ්‍ය නිවේදනයේ මෙලෙස ඔහු සටහන්කර තිබුණි.

    “ක්‍රීඩාවට ඇති ආදරය නිසා මම තීරණය කළා මේ දඬුවම භාරගෙන වැරැද්ද පිළිගන්න.”

    “මට විරුද්ධව චෝදනා ගොනු වූ දවස වූ 2018 ඔක්තෝබර් 15 වැනිදා සිටම මම ස්වකැමැත්තෙන්ම ක්‍රීඩාවෙන් ඉවත්ව කටයුතු කළා.”

    “ICCයේ දූෂණ මර්දන ඒකකය හා මාගේ නීතිඥයින් සාකච්ඡා කර 2018 ඔක්තෝබර් 15 වැනිදා සිට ගෙවී යන පරිදි වසර දෙකක අත්හිටවූ තරග තහනමකට එකඟ වුනා.”

    “කෙසේ වෙතත් මම මා සතු තොරතුරු සියල්ල ICCය වෙත ලබා දුන්නත් ඔවුන් මට මේ තහනම පැනවීම හරිම අවාසනාවන්තයි, ඔවුන් මේ දඬුවම මට පනවන්නේ මට විරුද්ධව කිසිදු දූෂණ චෝදනාවක් නැති පසුබිමකයි.”

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here