2020 IPL වෙන්දේසියට ලසිත් මාලිංග නැහැ

ලබන වසරේ පැවැත්වෙන IPL තරගාවලිය සඳහා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයින් රැසක් දෙසැම්බර් 19 වැනිදා පැවත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොකරන බව මුම්බායි ඉන්ඩියන්ස් කළමනාකාරිත්වය විසින් ප්‍රකාශ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ මුම්බායි ඉන්ඩියන්ස් පිලේ ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂක හිටපු ඉන්දීය වේගපන්දු යවන්නෙකු වූ සහීර් කාන් විසින් ප්‍රකාශ කළේ කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් කිහිපදෙනෙක් ආබාධවලින් පෙලෙන බැවින් පන්දු යවන්නන්ගේ අංශය ශක්තිමත් කිරීමට ලසිත් මාලිංග ඇතුළු අත්දැකීම් සහිත පන්දු යවන්නන් කණ්ඩායම තුළම රඳවා ගත යුතු වූ බැවින් මෙම තීරණයට එළැඹි බවයි. එසේම වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 12 දෙනෙකු නිදහස් කර ඇති බවද පවසනු ලැබුවා.

කණ්ඩායම තුළ රඳවා ගත් ක්‍රීඩකයින්
රෝහිත් ෂර්මා, හර්දික් පාණ්ඩ්‍යා, ජස්ප්‍රිත් බුම්රා, කෘනාල් පාණ්ඩ්‍යා, ඉෂාන් කිෂාන්, සුර්ය කුමාර් යාදව්, රාහුල් චහාර්, අන්මොල්ප්‍රීත් සිං, ජයන්ත් යාදව්, ආදිත්‍ය තාරේ, අනුකුල් රෝයි, ධවාල් කුල්කර්නි, ක්වින්ටන් ඩි කොක්, කිරන් පොලඩ්, ෂර්ෆේන් රදෆර්ඩ් ලසිත් මාලිංග, මිචෙල් මැක්ලෙනගන්, ට්‍රෙන්ට් බෝල්ට්.

කණ්ඩායමෙන් නිදහස් කරන ලද ක්‍රීඩකයින්
එවින් ලුවිස්, ඇඩම් මිල්න්, ජේසන් බෙහ්‍රෙන්ඩෝෆ්, බියුරන් හෙන්ඩ්‍රික්ස්, බෙන් කටින්ග්, යුවරාජ් සිං, මයාන්ක් මාකන්දේ, බරින්දර් ශ්‍රාන්, රාසික් සලාම්, පන්කාජ් ජස්වාල්, සිද්ධේෂ් ලාඩ්, අල්සාරි ජෝශප්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here