2019-20 BPL තරගාවලියට ශ්‍රී ලංකාවෙන් පස් දෙනෙක්

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය (BPL) 2019-20 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 5 දෙනෙකු සහභාගී වීමට නියමිතව පවතිනවා.

Chattogram Challengers කණ්ඩායම සඳහා අවිශ්ක ෆර්නැන්ඩෝ
Cumilla Warriors කණ්ඩායම සඳහා කුසල් පෙරේරා, දසුන් ශානක
Dhaka Platoon කණ්ඩායම සඳහා තිසර පෙරේරා
Sylhet Thunder කණ්ඩායම සඳහා ජීවන් මැන්ඩිස්

මෙවර තරගවලිය බංග්ලාදේශයේ හිටපු ජනාධිපතිවරක් වූ ෂෙයික් මුජිබර් රහ්මන්ගේ 100 වැනි ජන්ම දිනය සිහිපත්කොට ඔහුට උපහාරයක් වශයෙන් බංගබන්දු බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (Bangabandhu BPL) නමින් නම්කොට ඇති අතර කණ්ඩායම් 7ක් යටතේ ක්‍රීඩකයන් තරග වදින මෙම තරගාවලිය 2019 දෙසැම්බර් මස 11 වැනිදා සිට 2020 ජනවාරි මස 16 දක්වා පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here