9 වන ලෝක කුසලාන රග්බි තරගාවලිය සැප්තැම්බර් 20 දා සිට ඔක්තෝම්බර් 02 දක්වා ජපානයේ පැවැත්වීමට නියමිතය.
පළමු වරට රග්බි ලෝක කුසලාන තරගාවලියක් ආසියානු රටක පැවැත්වීම මෙය වීම විශේෂත්වයකි.
ජපානයේ ක්‍රීඩාංගන 12 කදී තරග 48 ක් පැවැත්වීමට නියමිත වන අතර තරගාවලිය සදහා සහබාගි වන කණ්ඩායම් ගණන 20 කි.
මෙම තරගාවලියේ පළමු තරගය සත්කාරක ජපානය හා රුසියාව අතර පැවැත්වීමට නියමිතයි.
ආසියාව නියෝජනය කරමින් සහබාගිවන එකම රට වන්නේද ජපානයයි.
අවසන් වරට පවතී රග්බි ලෝක කුසලානයේ ශුරතාවය දිනාගත්තේ නවසිලන්ත කණ්ඩායමයි. ඔවුන් මේ වන විට රග්බි ලෝක ශුරතා 3 ක් හිමිකර ගැනීමට සමත් වී ඇත.
එංගලන්තය එක රග්බි ලෝක ශුරතාවයක් හිමිකර ගනිද්දී ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව 2 ක බැගින් හිමිකරගෙන ඇත.