20/20 තරගාවලි ජය නවසීලන්තයට…

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පවතී තරග 3කින් සමන්විත 20/20 තරගාවලියේ ජය 2 ට 0 ක් ලෙස ජය ගැනීමට නවසිලන්ත කණ්ඩායම ඊයේ සමත් වුනා.

ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පවතී දෙවන තරගය කඩුළු 4 කින් ජය ගැනීමත් සමගයි.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 161 ක් ලබාගත්තා.

නවසිලන්ත කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 ක් තුල ජයග්‍රාහි ඉලක්කය සපුරාගනු ලැබුවා.

තරගයේ අවසන් පන්දුවාරයේදී මිචෙල් සෑන්ටිනර් විසින් ලබාදුන් උඩපන්දුවක් රැකගැනීමට යාමේදී එකට ගැටුණු ෂෙහාන් ජයසූරිය හා කුසල් මෙන්ඩිස් සුළු අබාදයන්ට ලක්වී ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here