ෆකාර් සමාන්ගේ වන් මෑන් ෂෝ එක අපතේ යයි

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෆකාර් සමාන් අද (04) දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 193ක් ලබාගනිමින් නොතිබූ ජයක් පාකිස්තානය ලබාදීමට විශිෂ්ට ඉනිමික් ක්‍රීඩා කළද, තරගය නිමවීමට පන්දු 5ක් ඉතිරිව තිබියදී ඔහු දැවී යෑමෙන් පසු දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 17ක ජයක් හිමි විය.

පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 6ක් දැවී ලකුණු 341ක් ලබාගත්තේය.
එම දැවැන්ත ඉලක්කය හඹායෑමට පැමිණි පාක්ස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සියලු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දි ෆකාර් සමාන් පමණක් හුදකලා සටන්කාමී ඉනිමක නිරත විය. ලකුණු 31ක් ලබාගත් නායක බාබර් අසාම් හැර සෙසු කිසිවකුට ලකුනු 20 සීමාව හෝ පසුකිරීමට නොහැකි විය.

ද්විත්ව ශතකය පෙනි පෙනී ෆකාර් සමාන් එලෙස දැවී නොගියේ නම් බොහෝ දුරට ඔහුට තමාගේ දෙවැනි ද්විත්ව ශතකය පවා ලබාගැනීමට ඉඩ තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here