හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයට මාව ගාවගන්න එපා – ඇමැති බන්දුල කියයි

මේ දිනවල මහත් ආන්දෝලනයකට ලක්ව ඇති හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට තමාව පටලවා ගන්න එපා යැයි ඇමැති බන්දුල ගුණවර්ධන පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.
‘ආණ්ඩුවේ සල්ලි සත පහක් වත් මේකට ගන්නේ නෑ. නගරයෙන් බැහැරට එන ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගමට එනවා නම් එක කැළණි මිටියාවතටම ආඩම්බරයක්. ලූනු බිකක් හෝ හෝමාගමට ගෙන ඒම මගේ ප්‍රාර්ථනයයි’ යනුවෙන්ද ඇමැතිවරයා එහිදී පැවැසීය.
ක්‍රිකට් පාලක මන්ඩලය අද හෙටම ට්ම් පිළිබඳව ඇත්ත පවසනු ඇති බවත්, මේ ගැන විමසීමට අවශ්‍ය නම් ක්‍රිකට් පාලක මණ්ඩලය මාධ්‍ය හමුවට රැගෙන ඒමට සූදානම් බවද හෙතෙම එහිදී කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here