හෙට පල්ලේකැලේදී මාලිංග වාර්තා පොතට …

ජාත්‍යන්තර 20/20 තරග බිමේ කදුළු 100 ක් දවාලු පන්දු යවන්නාගේ වාර්තාව අබියස සිටින මාලිංග හෙට ( 01) නවසිලන්තයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගනයෙදී පැවැත්වෙන පළමු 20/20 තරගයේදී එම වාර්තාව කරා ලගාවනු ඇතැයි ශ්‍රිලන්කික ක්‍රීඩාලෝලීහු බලාපොරොත්තු වෙති.

මේ වනවිට ජාත්‍යන්තර තරග 73 කට ක්‍රීඩා කර ඇති මාලිංග 20/20 තරගබිමේ වැඩිම කඩුළු ලබින් අතර දෙවන තැන පසුවන්නේ කඩුලු 97 ක් ලබාගනිමිනි. එහිදී පෙරමුණේ පසුවන පකිස්ථානයේ සහිඩ් අෆ්රිඩි තරග 99 කදී කඩුලු 98 ක් දවාලිය.

හෙට පැවැත්වෙන තරගයේදී මාලිංග මෙම වාර්තාව පසුකර යනු ඇතැයි ලාංකික ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වෙති.

තරග 3කින් සමන්විත මේ තරගාවලියේ සෑම තරගයක්ම පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here