හිටපු ක්‍රිකට් ක්‍රීඩක අබ්දුල් කාදීර් අභාවප්‍රාප්ත වෙයි.

හදවත් රෝගයක් නිසා දීර්ග කලක සිට රෝගී තත්වයෙන් පසුවූ හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අබ්දුල් කාදර් ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

1977 සිට 1993 පසාර දක්වා අබ්දුල් කාදර් පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇත.

ටෙස්ට් තරග 67 කට සහබාගි වී ඇති ඔහු ලකුණු 7742 ක් හා කඩුලු 236 ක් හිමිකරගෙන ඇත.

එමෙන්ම එක්දින තරග 104 කට සහබාගි වී ලකුණු 3454 ක් හා කඩුලු 132 ක් ඔහු විසින් ලබාගෙන ඇත.

ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියකු ලෙස මෙන්ම විචාරකයකු ලෙස කටයුතු කර ඇත.

මිය යනවිට අබ්දුල් කාදීර් 63 වන වියේ පසු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here