හලාවත මේරියන්ස් පැරදවූ නාවිකයන්ට ජය

අන්තර් සමාජ ප්‍රීමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩය යටතේ හලාවත මේරියන්ස් කණ්ඩායම සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර අද (30) පැවැති තරගයේදී නාවික හමුදා කණ්ඩායම කඩුලු 3ක ජයක් ලැබීය.

පළමුව පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8ක් බිදවැටී ලකුණු 240ක් රැස් කළේය. හලාවත කණ්ඩායම වෙනුවෙන් කමිදු මෙන්ඩිස් ලකුණූ 67ක් ලබාගත්තේය. පන්දු යැවිමේදී බුද්ධික මදුෂාන් ලකුණු 39කට කඩුලු 4ක් බිද දැමූ අතර, චානක රැවන්සිරි ලකුණු 44ට කඩුලු 3ක් බිද දැමීය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් නාවික හමුදා කණ්ඩායමට පන්දුවාර 49 පන්දු 2කදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 241ක් පමණි. චානක රැවන්සිරි ලකුණු 51ක් ලබාගත් අතර, ලසිත් කෘෘස්පුල්ලේ සහ අවිදු තීක්ෂණ කුඩුලු 2 බැගින් බිද හෙලූහ.

නායක තිසර පෙරේරා ඉනිමේ 40 වැනි පන්දුවාරයේදී පිට පිට පන්දු 6කදී 6 පහර 6ක් එල්ල කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here