හරීන් ප්‍රනාන්දු පාකිස්ථානයට

එක්දින තරග 3කින් සහ 20-20 තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලියක් සඳහා වසර 10කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (24) පෙරවරුවේ පාකිස්ථානය බලා පිටත් වුණා.

එරට ආරක්ෂාව සම්බන්ධයෙන් නොයෙක් අර්බුධ පැමිණියත් අවසානයේ මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් තොරව සහභාගී වීමට නියමිතව පවතිනවා. එසේම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා දැඩි ආරක්ෂාවක් සපයන බව ද පාකිස්තානු රජය ප්‍රකාශ කර තිබුණා.  

මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දිරිදීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම මස 30 වැනිදා පාකිස්ථානය බල පිටත්ව යාමට සූදානමින් පසුවන බව පවසා තිබෙනවා. එසේම මෙරට පවතින දේශපාලනික තත්ත්වය හේතුවෙන් වැඩි දිනක් රැඳී සිටීමට නොහැකි වුවත් දින දෙකක් හෝ එහි රැඳී සිටින්නට බලාපොරොත්තු වන බව ද ඔහු පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here