හතුරුසිංහ පුහුණුකාර ධුරයෙන් ඉවත් කර වැඩ බලන පුහුණුකරුවෙකු පත්කරයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ ඔහුව තවදුරටත් අදාළ තනතුරේ රඳවා නොගන්නා ලෙසට ක්‍රීඩා අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා .

කෙසේ වෙතත් පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැසුණු ක්‍රිකට් බලධාරීන් අවසර ඉල්ලා තිබුණේ, නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය අවසන් වන තුරු මෙම පුහුණු කාර්යමණ්ඩලය රඳවා ගැනීමටයි.

හතුරුසිංහ තනතුරෙන් ඉවත් කිරීමත් සමග ප්‍රධාන පුහුණුකරු තනතුරේ වැඩ බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරොම් ජයරත්න මහතා පත් කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here