හතුරුසිංහ නැවතත් බංග්ලාදේශයට …

ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති චන්දික හතුරුසිංහ යළි තම කණ්ඩායමේ පුහුණුකරු ලෙස බදවා ගැනීම පිළිබදව බංග්ලාදේශයේ අවධානය යොමුව තිබෙනවා. 

බංග්ලාදේශ පුහුණුකරු තනතුර සඳහා තවත් ප්‍රධාන පෙළේ පුහුණුකරුවන් 4 දෙනෙකුට ඇරයුම් කර තිබූ අතර, දැන් එය හතුරුසිංහ සහ තවත් එක් පුහුණුකරුවෙකු අතර තරඟයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

හතුරුසිංහට අභියෝගයක් විය හැකි අනෙක් පුහුණුකරු වන්නේ නවසීලන්ත පිළේ හිටපු පුහුණුකරු මයික් හෙසන්.

චන්දික හතුරුසිංහ 2014 සිට 2017 දක්වා බංග්ලාදේශ ක්‍රිකට් පිළේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එම කාලය තුළ බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රාහී මාවතට අවතීර්ණ වුණා.

එමෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු ද හතුරුසිංහ පුහුණුකරු ලෙස නැවත යොදවා ගැනීමට කැමැත්තෙන් පසුවන බව සඳහන්. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here