හතර සහ හය නිසා මින්පසු ජයග්‍රහණය නොලැබෙයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලිවල අවසන් පූර්ව සහ අවසන් මහා තරගවලදී සුපිරි ඕවරයේ ලකුණු සම වුවහොත් හතරේ සහ හයේ පහර වැඩිම කණ්ඩායමට ජයග්‍රහණය හිමිවීමේ නීතිය පසුගියදා ඩුබායි හි පැවති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික කමිටු රැස්වීමේදී සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අවසන් පූර්ව හෝ අවසන් මහා තරගයකදී කණ්ඩායම් දෙක අතර ලකුණු සම වුවහොත් එක් කණ්ඩායමක් ජයග්‍රහණය කරන තුරු නැවත නැවතත් සුපිරි ඕවරයන් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත.

එසේම මූලික අදියරේ තරගවලදී සුපිරි ඕවරයේ ලකුණු සමවුවහොත් තරගයේ ලකුණු සමවූ ලෙස සලකනු ලබයි.

මෙම වසරේ එංගලන්තයේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ලකුණු සමවීමත් ඉන්පසු සුපිරි ඕවරයේ ලකුණුත් සමවීමත් හේතුවෙන් හතරේ පහර ගණන් කිරීමේ නීතිය අනුව නවසීලන්තය පරාජය කරමින් එංගලන්තය ජයගැනීම නිසා මේ සම්බන්ධව බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.

මෙම නව නීතිය ලබන වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත පිරිමි සහ කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේදි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here