28 වැනි වෙළෙඳ සේවා පැසිපන්දු තරගාවලියේ කාන්තා A -2 කාණ්ඩයේ ශුරතාව දිනාගැනීමට සෙලාන් බැංකු කණ්ඩායම පසුගියදා සමත්විය. ඒ නේෂන් ට්‍රස්ට් කණ්ඩායම ලකුණු 51-24ක ලෙස පරාජයට පත්කරමිනි. තරගාවලිය කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.
මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සෙලාන් බැංකු කණ්ඩායමේ බෙනිකා තලගල සම්මාන හිමිකරගත් අතර, අවසන් තරගයේ වීරවරය සම්මානය හිමිවූයේ සෙලාන් බංකු කණ්ඩායමේ කුංචනා විජේසිරිවර්ධනටය.