සෙබස්තියන් පැරදවූ වේල්ස් කුමරුවන්ට එක්දින ජය


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවති මොරටු රන් මහා සටන මහා ක්‍රිකට් තරගයට සමගාමීව පැවති සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගයේ ජය මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට හිමිවිය. ඒ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5ක ජයක් ඔවුනට හිමිවීම නිසාවෙනි. මෙවර 34 වැනි වරට පැවති තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියාන් කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9ක් බිඳවැටී ලකුණු 218ක් රැස්කිරීමට ඔවුන් සමත් විය. කණ්ඩායම් නායක නුවනිඳු ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් ලකුණු 76ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී වේල්ස් කුමර විද්‍යාලයේ විනුජ රන්පුල් ලකුණු 38කට කඩුලු 3ක් බිඳහෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වේල්ස් කුමර විද්‍යාලයට අයහපත් කාලගුණය හරස්වීම හේතුවෙන් ඔවුන්ගේ ඉනිම පන්දුවාර 39කට සීමා කිරීමට සිදුවිය. ඒ වනවිට ප්‍රධාන ලකුණු පුවරුවේ ලකුණු තත්වය සටහන් වූයේ කඩුලු 6කට ලකුණු 169ක් වශයෙනි.

මේ නිසාවෙන් තරගයේ ජයග්‍රාහකයා ඩක්වත් ලුවිස් න්‍යාය අනුව තෝරාගැනීමට සිදුවිය. එම න්‍යායට අනුව වේල්ස් කුමර විද්‍යාලයට තරගය ජයග්‍රහණය කිරීමට නම් ඒ වන විට ලබාගත යුතුව තිබුනේ ලකුණු 164ක් පමණි. ඒ අනුව ලකුණු 5ක ජයක් ඔවුනට හිමිවිය.

වේල්ස් කුමර විදයාලය වෙනුවෙන් සුවත් මෙන්ඩිස් ලකුණු 43ක් රැස්කිරීමට සමක් වූ අතර සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් හොඳම පන්දු යැවීම සටහන් වූයේ කළණ සංදීපගෙනිත ඒ ලකුණු 13කට එක කඩුල්ලක් වශයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here