සුව වූ මුරලි රෝහලෙන් පිට වෙයි

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන මුත්තයියා මුරලිදරන් සිය හෘදයේ රුධිර නාල වල වූ අවහිරතාවකට ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව අද (19) පෙරවරුවේ චෙන්නායි නුවර පිහිටි රෝහලකින් පිටව ගිය බව වාර්තා වේ.

සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පුහුණුවීම් අතරතුරදී පෙරේදා (18) ඇතිවූ අසනීපයක් හේතුවෙන් මුරලිදරන් චෙන්නායි හි පිහිටි රෝහලකට ඇතුළත් කර තිබුණි. රෝහලෙන් පිටවීමෙන් අනතුරුව දින 6ක් නිරෝධානය වීමට මුරලිය සිදුවන අතර, ඉන් අනතුරුව ඔහු යළිත් සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග එක්වීමට නියමිතය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here