එළඹෙන ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය සදහා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි රවී බොපාරා තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ජොන්සන් චාර්ල්ස් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
එළඹෙන 25 වනදා ජොන්සන් චාර්ල්ස් දිවයිනට ළගා වීමට නියමිත බවයි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නිවේදනය කළේ.
ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම මෙවර තරග වාරය යටතේ ක්රීඩා කරන පළමු තරගය ලබන 27 වනදා ගාලු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.