සුපර් ෆෝ තෙවැන්නා තෝරාගැනීමේ සටන හෙට

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන ලද සුපර් ෆෝ පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් පවත්වනු ලබන තරගය හෙට (10) රංගිරි දඹුල්ල අන්තර්ජාතින ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මහනුවර හා දඹුල්ල කණ්ඩායම් දෙක අතර පැවැත්වේ. දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම කරගය පෙ.ව. 9.45ට ආරම්භ වීමට නියමිතය. එළැඹෙන ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කර ඇත.

තරගාවලියේ පළමු වටය ලීග් ක්‍රමයට පැවැත්වුණු අතර එහිදී සෑම කණ්ඩායමකටම තරග 3 බැගින් හිමිව තිබිණි. ඒ අනුව පළමු වටය අවසනදී ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අ සෙසු කණ්ඩායම් දෙක තෙවැනි සථානය සඳහා වන තරගයට සුදුසුකම් ලබාගනී.

ඒ අනුව තෙවැනි ස්ථානයේ පසුවන මහනුවර කණ්ඩායම මේ වනවිට තරග 3කට සහභාගීවී එක් තරගයක් ජයගෙන ප්‍රසාද ලකුණු 5ක් ලබාගෙන සිටී. කරගාවලියේ අවාසනාවන්තම කණ්ඩායම බවට පත්ව සිටින දඹුල්ල කණ්ඩායම මේ වනවිට කිසිදු තරගයක් ජයගැනීමට සමත්ව නැත.

මෙතෙක් පැවති තරග අතුරින් තරගාවගියේ වැඩිම ලකුණුලාභියා බවට පත්ව සිටින මහනුවර කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න තරග 3කට සහභාගී වී ලබා ඇති ලකුණු ගණන 165කි. එහි සාමාන්‍යය 82ග5ක් තරම් ඉහළ අගයක පවතී. වැඩිම ලකුණුලාභීන් අතර තෙවැනියා බවට පත්ව සිටින දඹුල්ල කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තරග 3කදී ලකුණු 126ක් ලබාගෙන ඇත්තේ සාමාන්‍යය 42ක අගයක පවත්වා ගනිමිනි. ඒ අනුව තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පක්වීමට මෙම නායකයන් දෙදෙනා අතර හෙට හොඳ සටනක් නිර්මාණය වනු ඇත.

පන්දු යැවීමේදී මහනුවර කණ්ඩායමේ කසුන් රාජිත පන්දුයවන්නන් අතර දෙවැනියා බවට පත්ව ඇත්තේ තරග 3කදී කඩුලු 6ක් ලබාගනීමිනි. එහි සාමාන්‍යය 25.33කි. එම සටහනේ සිව්වැනි හා පස්වැනි ස්ථාන මහනුවර කණ්ඩායමේම  තිසර පෙරේරා හා  ජෙෆ්රි වැන්ඩසේ විසින් පිළිවලින් හිමිකරගෙන ඇත්තේ කඩුලු 5 බැගින් ලබාගනිමිනි. ඒ ඉනිම් 3 බැගින් පන්දු යවමිනි. දඹුල්ල කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා වන ජීවන් මෙන්ඩිස් එහි හත්වැනි ස්ථානයේ පසුවන්නේ ඉනිම් දෙකකදී කඩුලු 4ක් ලබාගනිමිනි. ඒ අනුව පන්දුයවන්නන් අතර සටන හෙට පවතිනු ඇත්තේ ඔවුන් අතරය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here