කොළඹ හොකී සහ පාපන්දු සමාජයේ (සී.එච්. ඇන්ඩ් එෆ්.සී.) නව පුහුණුකරු වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා.
එසේම එහි කළමනාකාරිත්වයට උදානි එදිරිසිංහ පත්කර තිබෙනවා. මෙරට පිරිමි රග්බි ක්‍රීඩා සමාජ කළමනාකාරිත්වයට කාන්තාවක් පත්වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙනවා.
රෝහිත රාජපක්ෂ මහතා සී.එච්. ආණ්ඩ එෆ්.සී. ක්‍රීඩා සමාජයේ හිටපු නායකයා සහ ශාන්ත තෝමස් විද්‍යාලයේ හිටපු නායකයා ද වනවා.
ඩයලොග් සත් සාමාජික අන්තර් සමාජ තරගාවලියට පෙර සහ ඩයලොග් රග්බි ලීග් 202/21 තරගාවලියට පෙර කොළඹ හොකී සහ පාපන්දු සමාජය භාරව සිටි නිලධාරීන් කිහිපදෙනෙකුගේ වගකීම් වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.