සිම්බාබ්වේට එරෙහි ජයත් සමග ඇෆ්ගනිස්ථානයට පිට පිට ජයග්‍රහණ 11 ක්

සිම්බාබ්වේ පිල පරදවා ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ සමත් විය. ඒ බංගලාදේශයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ ඊයේ පවතී තරගයෙනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කදුළු 5 ක් දැවී ලකුණු 197 ක් රැස් කිරීමට සමත්විය. එහිදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මොහොමඩ් නබි හා නජිබුල්ලා සර්දාන් පිට පිට පන්දු 7 කදී 6 පහර 7 ක් එල්ල කරමින් ලකුණු 42 ක් ලබාගැනීම විශේෂත්වයකි.

සිම්බාබ්වේ කණ්ඩායමට සිය පන්දුවාර 20 තුලදී ලබාගත හැකිවුයේ ලකුණු 169 ක් පමණි.

එමෙන්ම ජයග්‍රහණය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පිට පිට ලබාගත් 11 වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ජයග්‍රහණය වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here