සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය එරට පසුගිය දිනවලදී පැවති දැඩි නියගය හා අයහපත් කාලගුණය නිසා පිඩාවට පත් ජනයා වෙනුවෙන් කැපකිරීමට තීරණය කර ඇති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පලාක් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
තරග දෙකකින් සමන්විත සිංහ කැන්ගරු ටෙස්ට් තරාගවලියේ පළමු තරගය ජනවාරි 24 වැනිදා බිස්බ්රෙන්හිදී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතය.
නිව් සවුත්වේල්ස් හා බටහිර කුවීන්ස්ලන්ත ප්‍රාන්ත වල නියගය හේතුවෙන් විපතට පත්ව ඇති ජනයා වෙනුවෙන් සහන සැපයීම වෙනුවෙන් ක්‍රියාත්මක වන “රූරල් ඒඩ්” නම් සංවිධානය මගින් පිහිටුවා ඇති අරමුදලක් සඳහා එම ටෙස්ට් තරගයේදී ආධාර සැපයීමේ අවස්තාව තරග නරඹන්නන් හට හිමිවේ. මේ අවස්ථාව ක්‍රීඩාංගණයට පැමිණ නරඹන පිරිසට මෙන්ම රූපවාහිනියෙන් තරග නරඹන පිරිසට ලබාදීමට නියමිතය.