සාන්තුවරයන්ගේ සටන සරා ඕවල්හිදී

මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 85 වැනි වරටත් පැවැත්වෙන සාන්තුවරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගය මාර්තු 1 හා 2 දිනවලදී කොළඹ පී.සරා ඕවල් ක්‍රිඩාංගණයේදී පැවැත්වේ.

එම විද්‍යාල දෙක අතර වාර්ෂිකව පැවැත්වෙන සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී. ජාත්‍යන්තර ත්‍රිකට් ක්‍රීඩාංගණයේදී මාර්තු 23 වැනි පැවැත්වීමට ද නියමිතය.

මෙවර සාන්ත ජෝශප් විදයාලයේ නායකත්වය හිමිව ඇත්තේ අශේන් ඩැනියෙල්ට වන අතර
සාන්ත පීතර නායකයා ලෙස කටයුතු කරනුයේ රන්මින් ජයසේනය.

මෙතෙක් පැවති මහා ක්‍රිකට් තරග අතුරින් තරග 12ක් ජයග්‍රහණය කර ඩදිරියෙන් සිටිනුයේ සාන්ත ජෝශප් විද්‍යාලයයි. සාන්ත පීකර විද්‍යාලයට හිමිව ඇත්තේ තරග 10ක ජය පමණි.

මේ පිළිබඳව පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මහා ක්‍රිකට් තරගයේ ප්‍රධාන අනුගාහකත්වය හිමිකරගෙන තිබෙන ඩයලොග් ආසියාටා සමාගම විසින් අනුග්‍රාහක චෙක්පත ද ප්‍රදානය කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here