ස්ටීව් ටෙස්ට් පිටියේ පෙරමුණට එද්දී දිමුත් පහළට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ ප්‍රකාශයට පත්කළ නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක පිතිකරණ ලයිස්තුවේ පළවෙනි ස්ථානය ලබාගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත් සමත් වී තිබෙනවා. ඒ ශ්‍රේණිගත ලකුණු 904ක් ලබාගනිමින්.

2015 වසරේ දෙසැම්බර් සිට 2018 වසරේ දක්වා ටෙස්ට් පිතිකරු ශ්‍රේණියේ පළමු තැන පසු වූ ස්ටීව් ස්මිත් එම වසරේ මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයකදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට යටත්ව වසරක ක්‍රිකට්  තහනමක් ලබාසිටියා. 

ඉන්පසුව ඔහු යළිත් ටෙස්ට් පිටියට පැමිණියේ මේ දිනවල ටෙස්ට් ලෝක ශුරතාවයට අදාලව පැවැත්වෙන එංගලන්ත-ඕස්ට්‍රේලියා තරගයෙනුයි. වසරක තහනමකින් පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියට පැමිණි ස්ටීව් මෙසේ දක්ෂතා අතරට පැමිණීම විශේෂත්වයක්. 

එසේම මෙතෙක් පළමු ස්ථානයේ පසුවූ ඉන්දියානු ටෙස්ට් ක්‍රිකට් නායක විරාත් කෝලි ශ්‍රේණිගත ලකුණු 903ක් ලබා දෙවෙනි ස්ථානයේ පසුවෙන අතර 6 වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ශ්‍රේණිගත ලකුණු 723ක් සමගින් 9 වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here