සවි එසවීමෙන් ලංකාවට රන් පදක්කම් 23ක්

සැප්තැම්බර් මස 15 වැනිදා සිට 22 වැනිදා දක්වා කැනඩාවේ සෙන්ට් ජෝන්ස් නිව් ෆවුන්ඩ්ලන්ඩ්හිදී පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා යළි මව්බිමට පැමිණියා.

රටවල් 35ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 23 ක්, රිදී පදක්කම් 16 ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනාගනු ලැබුවා.  

රන්සිළු ජයතිලකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ඔහුත් ඇතුළුව ක්‍රීඩකයෝ 05 දෙනෙක් සහ ක්‍රීඩිකාවක් සහභාගී වුණු අතර ඔවුන් තරග ඉසව් 04 ක් යටතේ තරග කර මෙම ජයග්‍රහණයන් ලබා ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here