සනත් කොවිඩ් එන්නත ගහපු හේතුව මෙන්න..

හිටපු ක්‍රිකට් නායකයකු සහ නියෝජ්‍ය ඇමැතිවරයකුද වූ සනත් ජයසූරිය මහතා පසුගියදා කොවිඩ් වයිරසයට අදාළ එන්නත ලබාගෙන තිබූ අතර, ඔහු එය ලබාගත්තේ කුමන පදනම මතදැයි බොහෝ පිරිසක් රජයෙන් ප්‍රශ්න කළහ.

එනමුත් රජය පාර්ශ්වයෙන් මේ සම්බන්ධව මෙතෙක් නිසි පිළිතුරක් ලබා නොදුන්නද, අද (23) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය  හමුවේදී  සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ ඊට පිළිතුරු ලබාදුන්නේය.

ඕස්ට්‍රේලියානු අගමැතිවරයා වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් ද එම එන්නත ලබාගත්තේ ජනතාව ඊට දක්වන බිය දුරුකිරීමට බවත්, මෙරට ජනප්‍රිය පුද්ගලයකු වන සනත් ජයසූරිය මහතාද අදාළ එන්නත ලබාගත්තේ එම අරමුණෙන් බවත් ඇමැතිවරයා මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු වශයෙන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here