සංගාත් ICC ශ්‍රේෂ්ඨයන් අතරට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ (ICC Hall of Fame) ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ඇතුළත් කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (13) නිවේදනය කළේය.

මීට පෙර එම ලැයිස්තුවට ශ්‍රී ලංකාවෙන් ඇතුළත්ව සිටියේ මුත්තයියා මුරලිදරන් පමණි.

ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයට සමගාමීව මෙම නම් කිරීම සිදු කර ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ යුග 5ක් නියෝජනය වන පරිදි එක් යුගයකට ක්‍රීඩකයන් දෙදෙනකු ඇතුළත් වන පරිදි එය සිදුකර තිබුණි. ඒ අනුව සංගක්කාර අයත්ව තිබුනේ 1996 සිට 2015 වසර දක්වා වූ නූතන ක්‍රිකට් යුගයටය. එම යුගයට අයත් අනිත් ක්‍රීඩකයා වූයේ සිම්බාබ්වේ ඇන්ඩි ප්ලවර්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here