සංගක්කාර ගාල්ලෙන් නැවතත් ක්‍රිකට් පිටියට

එංගලන්තයේ මාර්ලිබෝන් (එම්.සී.සී.) කණ්ඩායමත් එංගලන්ත අන්තර් ප්‍රාන්ත තරගාවලියේ ජයග්‍රාහකයන් වූ එසෙක්ස් කණ්ඩායමත් අතර තෙදින ක්‍රිකට් තරගාවලියක්  ලබන වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීම සඳහා පැවැත්වෙන මෙම තරගාවලිය ලබන වසරේ මාර්තු 24 වැනිදා සිට 27 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම තරගය 2011 වසරේ සිට විදේශ රටක පවත්වනු ලබයි. ලබන වසර සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ එම්.සී.සී. ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුව මාර්තු මාසයේදී ගාල්ලේදී පැවැත්වෙන නිසාත්, ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට අදාලව එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගාවලියද ඒ දිනවලදීම ගාල්ලේදී පැවැත්වෙන නිසාත්ය.

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්.සී.සී.) වත්මන් සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මෙම තරගාවලියේදී එම්.සී.සී. කණ්ඩායම මෙහෙයවමින් ක්‍රීඩා කරනු ලබයි.

2000 වසරේ ක්‍රිකට් පිටියට පැමිණි කුමාර් සංගක්කාර 2015 වසරේ ක්‍රිකට් පිටියෙන් සමුගන්නාවිට ඔහුගේ 15 වසරක ක්‍රිකට් දිවියේ ටෙස්ට් තරග 134කටත්, එක්දින තරග 404කටත් සහ T20 තරග 56කට ක්‍රීඩා කර තිබේ.

2000 වසරේදී ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වුණු ඔහු 2015 වසරේ ටෙස්ට් දිවියෙන් සමුගත් තරගාවලියේ පළමු තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. නැවතත් එම ක්‍රීඩාංගනයේම වසර පහකට පසුව ඔහුට ක්‍රීඩා කිරීමට ලැබීම විශේෂත්වයක්.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here