ෂිකර් ධවාන්ගෙන් පිට පිට ශතක දෙකක්..

අයි. පී. එල්. තරග ඉතිහාසයේ පළමු වතාවට පිට පිටම ශතක දෙකක් වාර්තා කළ ක‍්‍රීඩකයා බවට පත්වීමට දිල්ලි කණ්ඩායමේ ෂිකර් ධවාන් සමත් විය. ඔහු කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 106 ක් ලබා ගත්තද තරගය කඩුලූ පහකින් පරාජයට පත්විය.

ධවාන් මීට පෙර චෙන්නායි සමග පැවැති තරගයේදී පන්දු 58 කදී හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමග ශතකයක් (101) ලබා ගත්තේය. පෙරේදා කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට එරෙහිව පන්දු 61 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 106 ක් වාර්තා කිරීමට සමත් වූ අතර එවැනි දක්ෂතාවක් කළ පළමු අයි. පී. එල්. ක‍්‍රීඩකයා බවට ඔහු පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here